තායිවානයේ දුම්රිය අනතුරකින් 34ක් මරුට

 තායිවානයේ උමං මාර්ගයක් තුළදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

තවත් පුද්ගලයින් 72ක් දුම්රිය මැදිරි තුළ සිරවී ඇති බව බලධාරීන් පවසයි. එම දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 350 දෙනෙක් පමණ ගමන් කර තිබේ.

උමඟ තුළ සිරවී ඇති දුම්රිය මැදිරි වෙත ළඟා වීම දුෂ්කර බව වාර්තා වේ.

එම දුම්රිය එරට අගනුවර වන තායිපේ සිට තයිතුන් නම් නගරය දක්වා ගමන් කරමින් තිබෙන විට එම අනතුර ට ලක්වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි මාර්ගයක ධාවනය වෙමින් තිබු ට්‍රක් රථයක්, දුම්රිය මාර්ගයට වැටී ඇති බවත් දුම්රිය එහි ගැටීම හේතුවෙන් එය පීලිපැන ඇති බවය.


Post a Comment

Previous Post Next Post

Popular Items