Skip to main content

Titanic හි J. Dawson යනු කවුරුන්ද?


 Titanic හි J. Dawson යනු කවුරුන්ද?


ටයිටැනික් හී ගමන් ගෙන මියගිය පුද්ගලයන් සැතපී හිදිනා හැලිෆැක්ස් හී ෆෙයර්විව් ලෝන් සුසානයේ, අංක 227 දරන සොහොන් කොතක් ඇත. එය J. Dawson වෙනුවෙන් වෙන්කර ඇත. ඊට පහළින් ඔහු මියගිය දිනය ලෙස 1912 හි අප්‍රේල් 15, එනම් නෞකාව ගිලීගිය රාත්‍රියෙන් පසු උදා වූ අලුයම සදහන් කෙරේ.


දශක නමයකට පසු එලිදැක්වුනු චිත්‍රපටයෙන් පසු එතෙක් වල් බිහි වී තිබූ අංක 227 දරණ සොහොන් කොත මෙන්ම ඒ හා බැදුණු මතක එලිපෙහෙලි කරන්නට වූයේ මෙහි නිදා සිටින්නේ චිත්‍රපටයේ උන් ඒ සැබෑ ආදරවන්තයා දෝ යන කුතුහලය එදා මෙන්ම අදටත් යලි යලිත් ඇතිවන්නා වූ නිසාය.ඉතිං බොහෝ උන් මේ ආදරවන්තයාගේ වතගොත,අතීතය සොයාගැනීමට උනන්දු වූහ.


Titanicහි ගමන්ගෙන සදාකාලික නින්ද ලැබුවාවූ, ඒ හිමෙන් මිදුනු සාගර ජලයේ දරදඩු වී පාවෙමින් තිබූ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගොඩ ගත්තා වූ SS මැකේ-බෙනෙට් නෞකාවෙන් 1912 හී මැයි මස 08 වන දින ගොඩගත් මෘත ශරීර අතර වයස අවුරුදු විසි පහක් පමණ කිව හැකි, දෙපා වල කිසිත් පලදා  නැති ජාතික සේලරු නිළ ඇදුමක් හැද වුන් එක් පිරිමි මළ සිරුරක සාක්කුවක හැඳුනුම්පතක් පමනක් විය. J.Dawson ලෙස නම සදහන්ව තිබූ එහි අංක 35638 ලෙසද සටහන් වී තිබිණ.


ඉන්පසු J. Dawson කෙනෙක් ටයිටැනික් මඟී ලැයිස්තුවේ සොයා බැලීය. නමුත් ඒ නම සදහන් කිසිවෙකු එහි නොවිණි. අනතුරුව ටයිටැනික් කාර්‍යමණ්ඩල පැමිණීමේ ලේඛණය පරීක්ශා කිරීමේදී එහි J. Dawson නමින් පුද්ගලයෙකු අත්සන් යොදා නැවට ඇතුලු වී ඇති බවට සොයා ගති. කාරණා යලි යලිත් සොයා බැලීමෙදී ඔහු නවුකාවේ සුවිසල් බොයිලේරුවට ගල් අඟුරු පැටවූ කම්කරුවෙකි. 

ඔහුගේ තාවකාලික ලිපිනය ලෙස අංක 70, බ්‍රිටෝන් වීදිය, සෞතැම්ප්ටන් ලෙස ද, ස්ථිර ලිපිනය ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ද පසුව සොයා ගැන්නා ලදි.


අයර්ලන්තයේ, ඩබ්ලින් නුවරට එපිටින් මහළු නිවාසයක ඩෝසන් පරපුරෙහි ඉපැරණි පුරුකක් වී ජීවිතයේ සැඳෑසමය හුදෙකලාව ගෙවනා අසූඅට හැවිරිදි තවත් ඩෝසන් කෙනෙකු සොයා ගති. ඇය මේ ඩෝසන් නම් විය. 1912 වසරේ උපන් ඇයගේ සවනත වැටුනා වූ අතීත මතකයන් තුල, අනෙකුන් අතීතයේදී කතා වූ පරිදි  ඉතා සුපෝගභෝගී නැවක නැගී ඇමරිකාව බලා සමුදුරෙන් ගියා වූ තම සොහොයුරුකු පිලිබඳ මතකයන් සටහන් වී තිබිණ. තම දෑසිනි නොදුටු ඒ සහෝදරයා ගේ නම ජෝශප් ය. ජෝශප් ඩෝසන් නම් විය.


චිත්‍රපටයේ Jack නම් වූ මේ චරිතය ඉන්පසු Joshep නම් විය. ඉතිං මේ ජෝශප් යනු කවුරුන්ද? දෙමාපියන් කවුරුන්ද? අතීතයේ ඒ පිලිබඳව හාරා ඇවිස්සූවන් සිහි කරමින් ඒ තොරතුරුද මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරන්නම්,


1888 සැප්තැම්බරයේ කැතරින් මේඩන් නම් අභිසරු ලෙස නම් දැරූ කතක් බිලිදෙකු බිහි කෙරිණි. පැට්‍රික් ඩෝසන් නම් පුද්ගලයෙකුට දාව උපන් මේ බිලිදාගේ උපත ලියාපදිංචි නොකෙරුනේ මාපිය දෙපල කිසිදා විවාහ නොවූ නිසාවෙනි. කල්යත්ම තරුණ වියට පත් මේ තරුණයා වඩු මඩුවක අත් උදව්කරුවෙකු වී මනරම් කලාත්මක ලී කැටයම්, විසිතුරු ගෘහ භාණ්ඩ නිර්මාණය කලේ ක්ශේත්‍රයේ ප්‍රවීණයෙකු වෙමිනි. ඉතා අසීරු කාලයක් ගෙවමින් සිටි අප කතානායකයා සහ සිව් වසරක් බාල ඔහුගේ නැගනිය වූ මාග්‍රට් සමගින් තවත් අගතියට පත්වන්නේ මවගේ අන්තරාවෙන් පසුවයි. 


ඉන්පසු අයර්ලන්තය හැරදා මේ ගැටවරයා තම නැගණිය කැටුව තමගේ මාමා කෙනෙකු සොයා එංගලන්තයට සංක්‍රමනය වෙයි. එහිදී රාජකීය හමුදාවේ වෛද්‍ය අංශයට බැදුනු ජෝශප් නෙට්ලි වෙත අනියුක්ත කෙරිණි. 


නෙට්ලි හා සෞතැම්ප්ටන් ඉතා ලංව පිහිටි නගර වූ අතර ඉරනම විසදීමට නියම වී තිබූ පරිදි සෞතැම්ප්ටන් වෙත පයතැබූ ජෝශප් හට වයිට් ස්ටාර් නැව් සමාගමට අනියුක්තව ගිනි නිවන්නෙකු ලෙස සේවය කල ජෝන් ප්‍රීස්ට් නම් මිත්‍රයෙකු මුණ ගැසිනු අතර කල්යත්ම ඔවුනොවුන් අතිජාත මිත්‍රයන් බවට පත්විය. කාලයාගේ ඇවෑමෙන් ජෝශප් 1911 ජුනි 30 හමුදා සේවයෙන් ඉවත් වන්නට ඇත්තේ ඇමරිකාව බලා ඉරණම් ගමන යාමට අදිටන් කරගත් නිසාවෙන් බවට අප විසින් උපකල්පනය කර ගනිමු. කෙසේ හෝ 1912 අප්‍රේල් දසවන දා, ජෝශප් ගල් අඟුරු පටවන්නෙකු ලෙස අනුයුක්තව ජෝන් හා ටයිටැනික් නැවට පා තබන ලදි. 


ඉතිං මා මිත්‍රයිනි, එතැන් පටන් කතාන්දරය ඔබට අලුතින් සිහි කිරීම අවශ්‍ය නොවනු ඇති බව මාගේ මතයයි. 


අනතුරෙන් ජෝන් දිවි බේරා ගත් බව සදහන් අතර ඉන් එහාට ඔහු ගැන තොරතුරු අප්‍රකටයි. 

අප කතානායකයාගේ අවසාන මොහොත මෙසේ වන්නට ඇතැයි අපද උපකල්පනය කරමු.

ඒ අනුව නෞකාව ගිලී ගිය රාත්‍රියේ වැඩ මුරය අවසන්ව විවේක සුවයෙන් කල්ගෙවූ J. Dawson නම් අප හිතාදරවන්තයා, කම්කරුවා, සීතල මුහුදු ජලයෙන් බොයිලේරූ කාමර පිරෙන විට නැව් තට්ටුවට නැග, නැව ගිලෙන මොහොතේ අනෙක් වුන් මෙන්ම පිහිනා දිවි ගලවා ගන්නා අදහසින් බූට් සපත්තු ගලවා දමා නිමක් නොදන්නා ගැඹුරැති, අයිස් මෙන් සීතල අත්ලාන්තික් සාගර ජලය වෙත පැන ගොඩබිමක් දකිනතුරු පිහිනා ජීවිතය බේරාගන්නා අදිටනින් කරගන්නට ඇත.නමුත් එහි දී, ඔහු අපෝසහත් වී ඇත. 

තවද, ඇට මිදුළු කිති කවන සීතලට මස් ගොබ ගල් ගැසිණි ද? බොහෝදුර පිහිනා දුර යත්ම හති වැටී නැවතුනිද? නැව ගිලෙන මොහොතේ සැඩ ජල පහරට හසුව ගිලී යන්නට ඇතිද? උඩට නැග ගන්නට උදව්වට කිසිවක්ම නොලැබී ද?එය නිශ්චිතව දන්නේ ඩෝසන් මහතාණෙනි ඔබ පමණි. ඔබගේ ඉරණමේ යටගියාව අදටත් ප්‍රහේලිකාවක් වන්නේය. 


ඉතින් සදා අමරණීය ඩෝසන් මහතානෙනි, ඔබ සදාකාලික සාමයේ සැතපේවායි මම පතන්නෙමි!


(අන්තර්ජාලයෙන් හා facebook තුලින් ග්‍රහණය කරගත් හා උපුටාගත් තොරතුරු මත ලිපිය ගොඩනගා ඇත.)

ggg

[url=http://www.clicktockptc.com/?ref=Shan1992][img]http://www.clicktockptc.com/banners/banner1.png[/img][/url]

Comments

  1. LK News මේ ඔබ ගෙනා වූ පුවත ඇත්තටම මට ගොඩක් වැදගත් වුනා. මොකද මමත් කාලයක් මේ Titanic සුන්දර කතාව ගැන සොයා බැලුව. දැනට මා දැනගත් කරුණු සියල්ල ඔබගේ මේ කතාවෙන් තවත් පැහැදිලි වුනා. ඔබට බොහොම ස්තූතියි ! ජය වේවා !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

BNY Mellon Report Compares Bitcoin and Gold, Study Says ‘Gold Is the Only Globally Accepted Currency

  The popular safe-haven asset gold recently posted the lowest settlement in three weeks, as a firm dollar and bond market yields have weakened support for the precious metal. The financial goliath BNY Mellon also published a report about the differences between gold and bitcoin and the study said that the crypto asset fits the description of a nascent currency.

කඩු 6000 ක් ආනයනය කිරීම පිළිබඳව සොයා බැලීමට විශේෂ රහස් පොලිසියේ කණ්ඩායම් දෙකක් පිහිටුවන ලදී

 සහකාර පොලිස් අධිකාරී (ඒඑස්පී) ගේ නායකත්වයෙන් යුත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) විශේෂ පොලිස් කණ්ඩායම් දෙක කඩු 6,000 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යොදවා ඇති බව නීතිපති (ඒජී) දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට පැවසීය. දරුණු පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයේ කාලය. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහත කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලින් නියෝගයක් ඉල්ලා කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම, ජ්‍යෙෂ්  රාජ්‍ය නීති  (එස්එස්සී) වෛද්‍ය අවන්ති පෙරේරාගේ අවධානයට යොමු විය.  ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබසේකර සහ මායාදුන් කොරියා යන විනිසුරු ම ල්ල පෙත්සම විභාග කිරීම මැයි 6 දක්වා කල් තැබීය.පෙත්සම විභාග කිරීම දිගටම කරගෙන යනු ඇත්ද නැද්ද යන්න පිළිබඳව ප්‍රතිචාර දක්වන ලෙස විනිසුරු මඩුල්ල ජනාධිපති නීති  සංජීවා ජයවර්ධනට නියම කළේය.