Skip to main content

ආකර්ෂණය නීතීය ඇත්තටම ඇත්තක් ද.

 ආකර්ෂණය නීතීය ඇත්තටම ඇත්තක් ද. මේ ආකර්ෂණ නීතීයෙන් අපට අවශ්‍යා ඕනෑම දෙයක් කර ගන්න පුලුවන් ද..? ඇත්තටම ආකර්ෂණය නීතිය කියා දෙයක් මේ විශ්වයේ ක්‍රියාත්මක වෙනවා ද...? ඒ ප්‍රශ්න ඔක්කොටම සරලම පිලිතුර තමයි 

" ඔව් ඒක සහතික ඇත්ත... එහෙම දෙයක් තියෙනවා. විශ්වයේ එහෙම අපූර්ව දෙයක් වෙනවා..."  කියන එක. ඔබ පිළි ගත්තත් නොගත්තත් හැම තප්පරයකම මේ විශ්වයේ මේ අපූර්ව නීතීය ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට ලෝකය විසින් සාක්ෂි සාධක ඇතුව ඒක පැහැදිළිවම ඔප්පු කරලා තියෙනවා. ඔබ හොඳින් ඔබෙ වට පිටාව බලන්න. මේ හැම තැනකම ක්‍රියාත්මක වෙන්නේ ආකර්ෂණය නීතීයයි. හරි මං ඒක ඔබට මෙහෙම ඔප්පු කරලා පැහැදිළි කරවන්නම්. 


අපි මේ විශ්වයෙ ජීවියෙක් විදිහට උපත ලැබූ මොහොතෙ පටන්ම අපි ක්‍රියාත්මක වෙන්නේ ආකර්ෂණ නීතීයත් එක්කමයි. විශ්ව ආකර්ෂණ නියමයන්ට අනුවමයි. අපි අම්මා කෙනෙක්ගෙ මව් කුසකට ඇතුලු වෙන්නේ ... ඒ මව් කුස අපිට සුදුසු ගැළපෙන නිසා විඥානය එතනට ආකර්ෂණය වීමෙන්. හිතන්නකො ඔබ...අම්මා කෙනෙක් දන්නේ නැහැ නේද තමන්ගෙ කුසට එන්නේ මොන විදිහෙ දරුවෙක් ද කියලා. ඒ නිසා ඒ අම්මා මොකද කරන්නේ තමන් කැමති ආකාරයේ දරුවෙක් එන්න වට පිටාව සකස් කරනවා. ඒ කියන්නේ ආගමානුකූල වෙනවා...තව ඔය දොල දුක එහෙම සංසිඳුව ගන්නේ ඒ අර විඥානයට සුදුසු පරිසරය සකස් කිරීමකට. මේ විඥානයට කිසිම බාහිර හසුරවන්නෙක් නැහැනෙ. ඒ නිසා ගැළපෙන මව් කුස සහ තමන්ට ගැළපෙන පරිසරය මුණ ගැසුණු තැනදි විශ්ව නියමයන්ට අනුව විඥානය තැනකින් තවත් තැනකට ඉබේම ආකර්ෂණය වෙනවා. එතන පිහිටනවා. ඔන්න ඔහොමයි මේ ආකර්ෂණය  වීම පටන් ගන්නේ. 


අන්න එහෙම ආකර්ෂණය වෙලා මේ ලෝකේ එළිය දකින අපි, ඒ තප්පරයෙ ඉදලා ජීවත් වෙන්නේ ආකර්ෂණය නීතීයටම අනුකූලව. ඒ කියන්නේ අපේ මනස නිරන්තරවම අවට අවශ්‍යයි කියලා හිතන දෙය විතරයි ආකර්ෂණය කර ගන්නේ. වේඳනාවට හඬනවා. සතුටට හිනා වෙනවා. පොඩි දරුවෙක් වේඳනාවට හිනා වෙන්නෙ නැහැ නේ. එහෙම කරන්න බැහැ. වේඳනාව නම් එයට සමානව තියෙන්නේ කඳුල. සතුටට සිනහව. පුංචි දරුවෙක්ගෙ විඥානයේ ක්‍රියාතම වෙනවා වැඩියි. ඒ කියන්නේ යටි හිත. උඩු හිත ක්‍රියාත්මක වෙනවා මදි. හේතුව ඒක තවම වැඩිලා නැහැ. දරුවෙක් ඔන්න ඔහොම සමාන දෙයට සමාන දෙය පෙන්වන්න පටන් ගන්නවා. 


ඔබ හිතන්න මෙහෙම...ඔබට බඩගිනි වෙලාවට ඔබේ නාසය කෑම වල සුවඳ හොයාගෙන ගිහින් ආකර්ෂණය කර ගන්නවා. නමුත් ඔබේ බඩ හොඳට පිරිලා තියෙන වෙලාවක දී ඔබ වෙනදට කැමතිම කෑමක් තව කෙනෙක් කෑවත් ඔබට එපා හිතෙනවා. ඇයි ඒ...? ඒ සුවඳ ඒ වෙලාවෙ අපට ආකර්ෂණය නොවෙන නිසා. තව හිතන්න ඔබ සමහර පාට වලට - කෑම වලට - සුවඳ වලට - රසයන්ට - ස්ථාන වලට - පුද්ගලයින්ට අකමැතියි. තවත් ඒ වගේම දේවල් වලට අතිශය කැමතියි. ඇයි ඒ ? ඔබ මොකක් හරි රසයකට සුවඳකට අකමැති ඇයි ද ඇහුවොත් ඒත් එක්ක බැදුනු අමිහිරි මතකයක් ඇති. ඔබ කැමති සුවඳක් රසයක් ගැන හිතුවොත් ඔබට ඒ සම්බන්ධව මිහිරි මතකයක් ඇති. අන්න ඒ කියන්නේ නිරන්තරවම ඔබ කැමති දෙය ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ අකැමති දෙයට ඔබෙන් විකර්ෂණය වෙනවා. 


හිතන්න..ඔබ කෙනෙක්ව මුණ ගැහෙන්න යන්නෙ ඔහු කැමති දෙයක් අරගෙන. ගිහින් කතා කරන්නේ ඔහු කැමති දේවල් ගැන. ඔබ වුණත් පෞද්ගලිකව ඔබ කැමති දේවල් ඔබට දෙන කෙනෙක්ට අතිශය ප්‍රිය කරනවා. ඔබ කැමති දේවල් කතා කරන කෙනාට නිතර කතා කරනවා. ඇයි එහෙම කරන්නේ.. ඒ සමාන දෙයට විතරක් සමාන දෙය ආකර්ෂණය වෙන හින්දා..ආදරෙන් බැදිලා ඉන්න අය රණ්ඩු වෙන්නේ ඇයි?. එක්කෝ ඒකට හේතුව තමයි අකමැති දේවල් කතා කිරීම. ඒ වගේම අකමැති දේවල් කිරීම. එතකොට මේ අකමැති දෙය මනස කිසිම වෙලාවක ආකර්ෂණය කර ගන්නේ නැහැ. අයින් කරලා දානවා. මෙන්න මේක තමයි ආකර්ෂණය නීතීය කියන්නේ. 


හරි දැන් හිතන්නකො මෙහෙම. මේ කියපු ආකර්ෂණය නැති වෙන්නේ කොයි වෙලාවට ද. ? අපි මොකක් හරි දෙයකට කැමති නැති - අකමැති වෙලාවට තමයි එහෙම වෙන්නේ. එතකොට මොකක් ද මේ කැමැත්ත කියලා කියන්නේ.? අපි අපේ අභ්‍යන්තරයේ ඒ කියන්නෙ යටි හිතේ - විඥානයේ - ආත්මයේ , ගැඹුරින් අතීතයේ ඉදලාම තැන්පත් කරලා තියෙනවා ... මෙන්න මේ දෙය තමයි හොඳ. මෙන්න මේ දෙය තමයි මට අවශ්‍ය කියලා. මම මෙන්න මේ දේවල් පමණයි ළඟා කර ගත යුත්තේ කියලා. අන්න එහෙම අපි විසින්ම තැන්පත් කරලා තියෙන ඒ දේවල් වලට තමයි අපි කැමති සහ අකමැති දේවල් කියන්නේ. 


අපේ ආත්මය තුළ ( යටි සිත - විඥානය - ඇතුල් හිත ) සියල්ල පිරිලා පවතිනවා. ඒ කියන්නේ සියල්ල පුරවා ගත් විශ්වයේ ආත්මය තමයි මව් කුසට ඇතුල් වෙන්නේ. මේ සියල්ල අත්විදලා - සියල්ල පිරිලා තියෙන ආත්මය තුළට අපි උඩු හිත හෙවත් මනසින් බැහැරට පැමිණීමට අවස්ථාව සකස් කරලා දිය යුතුයි. හේතුව තමයි විශ්වය සමාන දෙයට සමාන දෙයක් ආකර්ෂණය කරන්නේ උඩු හිතට නෙවෙයි. යටි සිතට. කිරි දරුවෙක් වෙලා ඉදලා වචනෙන් වචනේ අහුල අහුල හිතුවිලි ගොඬ නඟා ගෙන අපි කරන්නේ අර යටි හිතට සමානයි කියලා හිතන දේවල් ආකර්ෂණය කරවන එක.


එතකොට විශ්වයේ වෙන්නේ මොකක් ද ? ... මේ විශ්වයේ නිරන්තරවම සමාන දෙයකට සමාන දෙයක් ආකර්ෂණය වෙනවා විතරයි. ඒක තමයි නීතීය. ඒ වගේම අසමාන දෙය නිරන්‍තරවම විකර්ෂණය වෙනවා. ඉවත් වෙනවා. අයින් වෙනවා. ඔබ කැමතියි කියලා හිතන දෙය ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ අවශ්‍යයි කියලා හිතන දෙය ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ අකමැතියි කියලා හිතන දෙය ඔබෙන් ඈත් වෙනවා. 


දැන් ඔබ කල්පනා කරනවා.." නැහැ මං එයාට කොච්චර කැමති ද ? මං කොච්චර ආදරෙයි ද ...? ඇයි එහෙම නම් එයා මට අකමැති ..? ඇයි එහෙම නම් එයා මගෙන් දුරස් වෙන්නේ...? 


මම මුදල් වලට කොච්චර කැමති ද. ? මම මුදල් හොයන්න කොච්චර මහන්සි වෙනවද ? ඒත් ඇයි මුදල් මගෙන් දුරස් වෙන්නේ. ? මුදල් ඇයි මට ආකර්ෂණය නොවෙන්නේ...? 


ඇත්තටම මේක රහසක්. මේ රහස දැන ගන්නකම් ඔබ කොච්චර උත්සහ කරත් ... ඔබ ඔතන ඔය ඉන්න විදිහටමයි. ඇත්තටම ඔබට මෙන්න මේ රහස දැන ගන්න අවශ්‍ය ද...? ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන සාර්තකත්වයට මේ ආකර්ෂණය නීතිය යොදා ගන්න අවශ්‍යම ද..? 


හරි. ඒ රහස මං කියලා දෙන්නම්. හැබැයි ඊට කලින්... මට දෙයක් දැන ගන්න අවශ්‍යයි. ඒ ඔබ තුළ තවත් එක ගුණයක් වර්ධනය වෙලා ද කියලා මට දැන ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඔබ විශ්වයෙන් ගන්නවා විතරයි ද ? විශ්වයට ඔබ යමක් දෙන්නත් සූදානම් ද කියලා මට දැන ගන්න අවශ්‍යයි. ඔබ මට ඒක ඔප්පු කරන්න. කොහොමද ඒක ඔප්පු කරවන්නේ...? මේ ලිපිය කියවන ඔබ හැම කෙනෙක්ම හිතට එකඟව ලිපිය share කරලා පෙන්වන්න. එක තප්පරයකින් ඔබට කිසිදු අවහිරයක් නැතුව විශ්වයට දෙන්න පුලුවන් දෙය දෙන අය ද...? මේ ලිපිය කියවන්නේ කියලා මට දැන ගන්න අවශ්‍යයි. 



Comments

Popular posts from this blog

BNY Mellon Report Compares Bitcoin and Gold, Study Says ‘Gold Is the Only Globally Accepted Currency

  The popular safe-haven asset gold recently posted the lowest settlement in three weeks, as a firm dollar and bond market yields have weakened support for the precious metal. The financial goliath BNY Mellon also published a report about the differences between gold and bitcoin and the study said that the crypto asset fits the description of a nascent currency.

කඩු 6000 ක් ආනයනය කිරීම පිළිබඳව සොයා බැලීමට විශේෂ රහස් පොලිසියේ කණ්ඩායම් දෙකක් පිහිටුවන ලදී

 සහකාර පොලිස් අධිකාරී (ඒඑස්පී) ගේ නායකත්වයෙන් යුත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) විශේෂ පොලිස් කණ්ඩායම් දෙක කඩු 6,000 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යොදවා ඇති බව නීතිපති (ඒජී) දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට පැවසීය. දරුණු පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයේ කාලය. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහත කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලින් නියෝගයක් ඉල්ලා කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම, ජ්‍යෙෂ්  රාජ්‍ය නීති  (එස්එස්සී) වෛද්‍ය අවන්ති පෙරේරාගේ අවධානයට යොමු විය.  ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබසේකර සහ මායාදුන් කොරියා යන විනිසුරු ම ල්ල පෙත්සම විභාග කිරීම මැයි 6 දක්වා කල් තැබීය.පෙත්සම විභාග කිරීම දිගටම කරගෙන යනු ඇත්ද නැද්ද යන්න පිළිබඳව ප්‍රතිචාර දක්වන ලෙස විනිසුරු මඩුල්ල ජනාධිපති නීති  සංජීවා ජයවර්ධනට නියම කළේය.

Titanic හි J. Dawson යනු කවුරුන්ද?

 Titanic හි J. Dawson යනු කවුරුන්ද? ටයිටැනික් හී ගමන් ගෙන මියගිය පුද්ගලයන් සැතපී හිදිනා හැලිෆැක්ස් හී ෆෙයර්විව් ලෝන් සුසානයේ, අංක 227 දරන සොහොන් කොතක් ඇත. එය J. Dawson වෙනුවෙන් වෙන්කර ඇත. ඊට පහළින් ඔහු මියගිය දිනය ලෙස 1912 හි අප්‍රේල් 15, එනම් නෞකාව ගිලීගිය රාත්‍රියෙන් පසු උදා වූ අලුයම සදහන් කෙරේ. දශක නමයකට පසු එලිදැක්වුනු චිත්‍රපටයෙන් පසු එතෙක් වල් බිහි වී තිබූ අංක 227 දරණ සොහොන් කොත මෙන්ම ඒ හා බැදුණු මතක එලිපෙහෙලි කරන්නට වූයේ මෙහි නිදා සිටින්නේ චිත්‍රපටයේ උන් ඒ සැබෑ ආදරවන්තයා දෝ යන කුතුහලය එදා මෙන්ම අදටත් යලි යලිත් ඇතිවන්නා වූ නිසාය.ඉතිං බොහෝ උන් මේ ආදරවන්තයාගේ වතගොත,අතීතය සොයාගැනීමට උනන්දු වූහ. Titanicහි ගමන්ගෙන සදාකාලික නින්ද ලැබුවාවූ, ඒ හිමෙන් මිදුනු සාගර ජලයේ දරදඩු වී පාවෙමින් තිබූ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගොඩ ගත්තා වූ SS මැකේ-බෙනෙට් නෞකාවෙන් 1912 හී මැයි මස 08 වන දින ගොඩගත් මෘත ශරීර අතර වයස අවුරුදු විසි පහක් පමණ කිව හැකි, දෙපා වල කිසිත් පලදා  නැති ජාතික සේලරු නිළ ඇදුමක් හැද වුන් එක් පිරිමි මළ සිරුරක සාක්කුවක හැඳුනුම්පතක් පමනක් විය. J.Dawson ලෙස නම සදහන්ව තිබූ එහි අංක 3...