Skip to main content

ආකර්ෂණය නීතීය ඇත්තටම ඇත්තක් ද.

 ආකර්ෂණය නීතීය ඇත්තටම ඇත්තක් ද. මේ ආකර්ෂණ නීතීයෙන් අපට අවශ්‍යා ඕනෑම දෙයක් කර ගන්න පුලුවන් ද..? ඇත්තටම ආකර්ෂණය නීතිය කියා දෙයක් මේ විශ්වයේ ක්‍රියාත්මක වෙනවා ද...? ඒ ප්‍රශ්න ඔක්කොටම සරලම පිලිතුර තමයි 

" ඔව් ඒක සහතික ඇත්ත... එහෙම දෙයක් තියෙනවා. විශ්වයේ එහෙම අපූර්ව දෙයක් වෙනවා..."  කියන එක. ඔබ පිළි ගත්තත් නොගත්තත් හැම තප්පරයකම මේ විශ්වයේ මේ අපූර්ව නීතීය ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට ලෝකය විසින් සාක්ෂි සාධක ඇතුව ඒක පැහැදිළිවම ඔප්පු කරලා තියෙනවා. ඔබ හොඳින් ඔබෙ වට පිටාව බලන්න. මේ හැම තැනකම ක්‍රියාත්මක වෙන්නේ ආකර්ෂණය නීතීයයි. හරි මං ඒක ඔබට මෙහෙම ඔප්පු කරලා පැහැදිළි කරවන්නම්. 


අපි මේ විශ්වයෙ ජීවියෙක් විදිහට උපත ලැබූ මොහොතෙ පටන්ම අපි ක්‍රියාත්මක වෙන්නේ ආකර්ෂණ නීතීයත් එක්කමයි. විශ්ව ආකර්ෂණ නියමයන්ට අනුවමයි. අපි අම්මා කෙනෙක්ගෙ මව් කුසකට ඇතුලු වෙන්නේ ... ඒ මව් කුස අපිට සුදුසු ගැළපෙන නිසා විඥානය එතනට ආකර්ෂණය වීමෙන්. හිතන්නකො ඔබ...අම්මා කෙනෙක් දන්නේ නැහැ නේද තමන්ගෙ කුසට එන්නේ මොන විදිහෙ දරුවෙක් ද කියලා. ඒ නිසා ඒ අම්මා මොකද කරන්නේ තමන් කැමති ආකාරයේ දරුවෙක් එන්න වට පිටාව සකස් කරනවා. ඒ කියන්නේ ආගමානුකූල වෙනවා...තව ඔය දොල දුක එහෙම සංසිඳුව ගන්නේ ඒ අර විඥානයට සුදුසු පරිසරය සකස් කිරීමකට. මේ විඥානයට කිසිම බාහිර හසුරවන්නෙක් නැහැනෙ. ඒ නිසා ගැළපෙන මව් කුස සහ තමන්ට ගැළපෙන පරිසරය මුණ ගැසුණු තැනදි විශ්ව නියමයන්ට අනුව විඥානය තැනකින් තවත් තැනකට ඉබේම ආකර්ෂණය වෙනවා. එතන පිහිටනවා. ඔන්න ඔහොමයි මේ ආකර්ෂණය  වීම පටන් ගන්නේ. 


අන්න එහෙම ආකර්ෂණය වෙලා මේ ලෝකේ එළිය දකින අපි, ඒ තප්පරයෙ ඉදලා ජීවත් වෙන්නේ ආකර්ෂණය නීතීයටම අනුකූලව. ඒ කියන්නේ අපේ මනස නිරන්තරවම අවට අවශ්‍යයි කියලා හිතන දෙය විතරයි ආකර්ෂණය කර ගන්නේ. වේඳනාවට හඬනවා. සතුටට හිනා වෙනවා. පොඩි දරුවෙක් වේඳනාවට හිනා වෙන්නෙ නැහැ නේ. එහෙම කරන්න බැහැ. වේඳනාව නම් එයට සමානව තියෙන්නේ කඳුල. සතුටට සිනහව. පුංචි දරුවෙක්ගෙ විඥානයේ ක්‍රියාතම වෙනවා වැඩියි. ඒ කියන්නේ යටි හිත. උඩු හිත ක්‍රියාත්මක වෙනවා මදි. හේතුව ඒක තවම වැඩිලා නැහැ. දරුවෙක් ඔන්න ඔහොම සමාන දෙයට සමාන දෙය පෙන්වන්න පටන් ගන්නවා. 


ඔබ හිතන්න මෙහෙම...ඔබට බඩගිනි වෙලාවට ඔබේ නාසය කෑම වල සුවඳ හොයාගෙන ගිහින් ආකර්ෂණය කර ගන්නවා. නමුත් ඔබේ බඩ හොඳට පිරිලා තියෙන වෙලාවක දී ඔබ වෙනදට කැමතිම කෑමක් තව කෙනෙක් කෑවත් ඔබට එපා හිතෙනවා. ඇයි ඒ...? ඒ සුවඳ ඒ වෙලාවෙ අපට ආකර්ෂණය නොවෙන නිසා. තව හිතන්න ඔබ සමහර පාට වලට - කෑම වලට - සුවඳ වලට - රසයන්ට - ස්ථාන වලට - පුද්ගලයින්ට අකමැතියි. තවත් ඒ වගේම දේවල් වලට අතිශය කැමතියි. ඇයි ඒ ? ඔබ මොකක් හරි රසයකට සුවඳකට අකමැති ඇයි ද ඇහුවොත් ඒත් එක්ක බැදුනු අමිහිරි මතකයක් ඇති. ඔබ කැමති සුවඳක් රසයක් ගැන හිතුවොත් ඔබට ඒ සම්බන්ධව මිහිරි මතකයක් ඇති. අන්න ඒ කියන්නේ නිරන්තරවම ඔබ කැමති දෙය ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ අකැමති දෙයට ඔබෙන් විකර්ෂණය වෙනවා. 


හිතන්න..ඔබ කෙනෙක්ව මුණ ගැහෙන්න යන්නෙ ඔහු කැමති දෙයක් අරගෙන. ගිහින් කතා කරන්නේ ඔහු කැමති දේවල් ගැන. ඔබ වුණත් පෞද්ගලිකව ඔබ කැමති දේවල් ඔබට දෙන කෙනෙක්ට අතිශය ප්‍රිය කරනවා. ඔබ කැමති දේවල් කතා කරන කෙනාට නිතර කතා කරනවා. ඇයි එහෙම කරන්නේ.. ඒ සමාන දෙයට විතරක් සමාන දෙය ආකර්ෂණය වෙන හින්දා..ආදරෙන් බැදිලා ඉන්න අය රණ්ඩු වෙන්නේ ඇයි?. එක්කෝ ඒකට හේතුව තමයි අකමැති දේවල් කතා කිරීම. ඒ වගේම අකමැති දේවල් කිරීම. එතකොට මේ අකමැති දෙය මනස කිසිම වෙලාවක ආකර්ෂණය කර ගන්නේ නැහැ. අයින් කරලා දානවා. මෙන්න මේක තමයි ආකර්ෂණය නීතීය කියන්නේ. 


හරි දැන් හිතන්නකො මෙහෙම. මේ කියපු ආකර්ෂණය නැති වෙන්නේ කොයි වෙලාවට ද. ? අපි මොකක් හරි දෙයකට කැමති නැති - අකමැති වෙලාවට තමයි එහෙම වෙන්නේ. එතකොට මොකක් ද මේ කැමැත්ත කියලා කියන්නේ.? අපි අපේ අභ්‍යන්තරයේ ඒ කියන්නෙ යටි හිතේ - විඥානයේ - ආත්මයේ , ගැඹුරින් අතීතයේ ඉදලාම තැන්පත් කරලා තියෙනවා ... මෙන්න මේ දෙය තමයි හොඳ. මෙන්න මේ දෙය තමයි මට අවශ්‍ය කියලා. මම මෙන්න මේ දේවල් පමණයි ළඟා කර ගත යුත්තේ කියලා. අන්න එහෙම අපි විසින්ම තැන්පත් කරලා තියෙන ඒ දේවල් වලට තමයි අපි කැමති සහ අකමැති දේවල් කියන්නේ. 


අපේ ආත්මය තුළ ( යටි සිත - විඥානය - ඇතුල් හිත ) සියල්ල පිරිලා පවතිනවා. ඒ කියන්නේ සියල්ල පුරවා ගත් විශ්වයේ ආත්මය තමයි මව් කුසට ඇතුල් වෙන්නේ. මේ සියල්ල අත්විදලා - සියල්ල පිරිලා තියෙන ආත්මය තුළට අපි උඩු හිත හෙවත් මනසින් බැහැරට පැමිණීමට අවස්ථාව සකස් කරලා දිය යුතුයි. හේතුව තමයි විශ්වය සමාන දෙයට සමාන දෙයක් ආකර්ෂණය කරන්නේ උඩු හිතට නෙවෙයි. යටි සිතට. කිරි දරුවෙක් වෙලා ඉදලා වචනෙන් වචනේ අහුල අහුල හිතුවිලි ගොඬ නඟා ගෙන අපි කරන්නේ අර යටි හිතට සමානයි කියලා හිතන දේවල් ආකර්ෂණය කරවන එක.


එතකොට විශ්වයේ වෙන්නේ මොකක් ද ? ... මේ විශ්වයේ නිරන්තරවම සමාන දෙයකට සමාන දෙයක් ආකර්ෂණය වෙනවා විතරයි. ඒක තමයි නීතීය. ඒ වගේම අසමාන දෙය නිරන්‍තරවම විකර්ෂණය වෙනවා. ඉවත් වෙනවා. අයින් වෙනවා. ඔබ කැමතියි කියලා හිතන දෙය ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ අවශ්‍යයි කියලා හිතන දෙය ඔබට ආකර්ෂණය වෙනවා. ඔබ අකමැතියි කියලා හිතන දෙය ඔබෙන් ඈත් වෙනවා. 


දැන් ඔබ කල්පනා කරනවා.." නැහැ මං එයාට කොච්චර කැමති ද ? මං කොච්චර ආදරෙයි ද ...? ඇයි එහෙම නම් එයා මට අකමැති ..? ඇයි එහෙම නම් එයා මගෙන් දුරස් වෙන්නේ...? 


මම මුදල් වලට කොච්චර කැමති ද. ? මම මුදල් හොයන්න කොච්චර මහන්සි වෙනවද ? ඒත් ඇයි මුදල් මගෙන් දුරස් වෙන්නේ. ? මුදල් ඇයි මට ආකර්ෂණය නොවෙන්නේ...? 


ඇත්තටම මේක රහසක්. මේ රහස දැන ගන්නකම් ඔබ කොච්චර උත්සහ කරත් ... ඔබ ඔතන ඔය ඉන්න විදිහටමයි. ඇත්තටම ඔබට මෙන්න මේ රහස දැන ගන්න අවශ්‍ය ද...? ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන සාර්තකත්වයට මේ ආකර්ෂණය නීතිය යොදා ගන්න අවශ්‍යම ද..? 


හරි. ඒ රහස මං කියලා දෙන්නම්. හැබැයි ඊට කලින්... මට දෙයක් දැන ගන්න අවශ්‍යයි. ඒ ඔබ තුළ තවත් එක ගුණයක් වර්ධනය වෙලා ද කියලා මට දැන ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඔබ විශ්වයෙන් ගන්නවා විතරයි ද ? විශ්වයට ඔබ යමක් දෙන්නත් සූදානම් ද කියලා මට දැන ගන්න අවශ්‍යයි. ඔබ මට ඒක ඔප්පු කරන්න. කොහොමද ඒක ඔප්පු කරවන්නේ...? මේ ලිපිය කියවන ඔබ හැම කෙනෙක්ම හිතට එකඟව ලිපිය share කරලා පෙන්වන්න. එක තප්පරයකින් ඔබට කිසිදු අවහිරයක් නැතුව විශ්වයට දෙන්න පුලුවන් දෙය දෙන අය ද...? මේ ලිපිය කියවන්නේ කියලා මට දැන ගන්න අවශ්‍යයි. 



Comments

Popular posts from this blog

තායිවානයේ දුම්රිය අනතුරකින් 34ක් මරුට

  තායිවානයේ උමං මාර්ගයක් තුළදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. තවත් පුද්ගලයින් 72ක් දුම්රිය මැදිරි තුළ සිරවී ඇති බව බලධාරීන් පවසයි. එම දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 350 දෙනෙක් පමණ ගමන් කර තිබේ. උමඟ තුළ සිරවී ඇති දුම්රිය මැදිරි වෙත ළඟා වීම දුෂ්කර බව වාර්තා වේ. එම දුම්රිය එරට අගනුවර වන තායිපේ සිට තයිතුන් නම් නගරය දක්වා ගමන් කරමින් තිබෙන විට එම අනතුර ට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ එම දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි මාර්ගයක ධාවනය වෙමින් තිබු ට්‍රක් රථයක්, දුම්රිය මාර්ගයට වැටී ඇති බවත් දුම්රිය එහි ගැටීම හේතුවෙන් එය පීලිපැන ඇති බවය.

Haritha TV launched

  The maiden telecast of 'Haritha TV', launched by the board of governors of Sri Jinarathana Vocational Technical Training Center affiliated to the Gangarama Temple, Hunupitiya - Colombo, was inaugurated under the patronage of President Gotabaya Rajapaksa at the temple premises today. The special event which marked another feat in television broadcasting was attended by Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne. Through this new TV channel, it is aimed to transmit information about agricultural values, traditions, knowledge as well as market-related news for the revival of local agriculture, to the general public. In response to a request by Venerable Dr. Kirinde Assaji Thera of Hunupitiya Gangarama, Navy Commander provided its skilled manpower for the ongoing construction of a two-storied control room and three-storied administrative building required for the channel. The event was also attended by members of Venerable Maha Sangha, Ministers, Members of Parliame...

All about the new variants of Covid-19

  With the Sri Lankan government successfully completing the first phase of the  Covid-19 vaccination rollout, the number of new cases reported daily appears to be on the decline. While governments around the world scramble to do the same, a new challenge emerges New variants of the SARS-CoV-2 virus.  While some research suggests that the new variants are potentially more infectious, three major COVID-19 variants have emerged across the globe. And scientists say that these variants may be cause for concern. But how are they different from the original strain and why should we be worried? Why do viruses mutate? In order to infect a person, a virus takes over a host cell and uses it to replicate itself. But this replication process can’t guarantee an exact replication.  A virus with one or more mutations is referred to as a variant. Most of the time, variants do not affect a virus’s physical structure, and in those instances, they eventually disappear. However, there ...