සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කෙරේ

 පසුගිය දා කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වු ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ව රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසා සිටියේ, වෛද්‍ය උපදෙස් අනුව එම තීරණය ගත් බවය.

47 හැවිරිදි ටෙන්ඩුල්කාර් පසුගිය දා පැවති රෝඩ් සේෆ්ටි වර්ඩ් සියරීස් ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවීය.

එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ යුසුෆ් පතාන්, එස් බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන්ට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දා අනාවරණය විය.


1 Comments

Previous Post Next Post

Popular Items